පොලිස් සේවයට පුරප්පාඩු 10,000ක් - පඩියත් ඉහළ යන ලකුණු - පොලිස්පති
අද (30) පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ අද වනවිට ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරින් 32,000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් රාජකාරී සිදුකරන බවයි.
අද පෙරවරුවේ පැවති පොලිස් අපරාධ කොට්ඨාසයට අනියුක්ත ඇඟිලි සලකුණු නිලධාරීන්, අපරාධ විශ්ලේෂණ නිලධාරීන් හා වෝහාරික ඡායාරූප ශිල්පීන් අපරාධ විසඳීම සඳහා දක්වන දායකත්වය ඇගයීම වෙනුවෙන් උත්සවයට එක්වෙමින් මේ බව ඔහු පවසා ඇත.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම වසරේ දී නිලධාරීන් 2500ක් විශ්‍රාම යෑමට නියමිත බවත් එමෙන්ම තවත් නිලධාරීන් 2700ක් පිරිසක් ලබන වසරේ දී විශ්‍රාම යෑමට නියමිත බවත්ය.
ඒ අනුව ඉදිරියේ දී නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට එක්කර ගැනීමට බලාපොරොත්තු වන බවත් එමෙන්ම නිලධාරීන්ට ඉදිරියේදී ඉතා හොද වැටුපක් ලබා ගැනීමට කටයුතු සිදුවන බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උත්සවය අමතමින් පවසා ඇත.