හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් සමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි නියෝග
හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ බාල පුත් සමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මිග් ගුවන් යානා ගනුදෙනු නඩුවේ තුන්වන සැකකරු වශයෙන් නම් කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම සැකකාර සමින්ද්‍ර රාජපක්ෂ, දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සිටින බව ද වාර්තා වේ.