රනිල් තකහනියේ බන්ධනාගාරෙට දුවපු හේතුව මෙන්න
මේ වන විට බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ සුවදුක් විමසා බැලීම සඳහා හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා ඉකුත් සිකුරාදා(30) දින නව මැගසින් බන්ධනාගාරය වෙත ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව එදින උදෑසන නවයට පමණ නව මැගසින් බන්ධනාගාරය වෙත පැමිණි රනිල් වික්රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමන් ඒකනායක හමුවී ඇති අතර ඔවුන් පැයකට ආසන්න වේලාවක් කතාබස් කර ඇති බව ද සඳහන්.
කෙසේ වෙතත් සමන් ඒකනායක හිටපු ජනාධිපති ලේකම්වරයා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ රනිල් වික්රමසිංහ හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිධූරය දැරූ කාලයේදී එංගලන්තයේ සිදුකළ සංචාරයක් සම්බන්ධයෙන් වැයවුණු මුදල් සම්බන්ධයෙන් එල්ල වුණු චෝදනාවලට අඳාළවයි.
ඒ අනුව සමන් ඒකනායක හිටපු ජනාධිපති ලේකම්වරයා මේ මස 11 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉකුත් 28 වන දින කොටුව මහේස්ත්රාත්වරයා විසින් තීන්දු කර තිබුණා.