ඩෙංගු අවදානම ඉහළට...
By Parami Dissanayake
ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටියේ, පසුගිය දිනවල සිදුකළ කීට විද්‍යා සමීක්ෂණ අනුව පොදු ස්ථානවල ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී තිබෙන බවත් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ය.
ඒ අනුව, ඒ මහතා අවධාරණය කර සිටියේ, නිවෙස්වල මදුරුවන් බෝවන ස්ථානවලට සාපේක්ෂව රජයේ ගොඩනැගිලි, ආගමික සිද්ධස්ථාන හා ඉදිකිරීම් පරිශ්‍ර, පාසල්, උපකාරක පන්ති ආදී පොදු ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ය.
මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන වැඩිවී ඇතැයිද, මින් පෙර මාසවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ සුළු වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ය.