මේ ප්‍රදේශවල ජනතාවට අවදානමක් - දරුණු රෝගයක් ඔළුව උස්සයි
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ දින 23ක් තුළ ඩෙංගු රෝගීන් 35දෙනකු වාර්තා වී ඇති බව මිනුවන්ගොඩ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දයාන් සමරසේකර මහතා පවසයි.
මෙම තත්ත්වය වැඩි වී ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බව සඳහන් වේ. මෙය සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි වීමක් වන අතර, පත්තඬුවන ප්‍රදේශයේ සිටින එකම පවුලක සාමාජිකයන් හතර දෙනකුට ඩෙංගු රෝගය වැලඳී ඇති බවත්, විශේෂයෙන් ඩෙංගු රෝගීන් පත්තඩුවන ප්‍රදේශයෙන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වාර්තා වූ රෝගීන් මැදිවියේ පසුවන අතර, ඔවුන් වැඩි පිරිසක් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල රැකියා කරන අය බවද තහවුරු වී ඇත.
ඔවුන්ට රෝගය ආසාදනය වී ඇත්තේ රැකියා කරන නගර හා ප්‍රදේශ තුළදී බවට සැක පවතී. කෙසේ වුවද, රෝගීන් වාර්තා වූ ප්‍රදේශ තුළ මේ වන විට ධුමයන් කිරීම සහ මදුරු කීටයන් බෝවන ස්ථාන පිළිබඳ පරීක්ෂණ සිදු කරන අතර, මදුරු කීටයන් ඇති ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට නීතිමය පියවර ගැනීම, දඩ ගැසීම සහ නඩු දැමීම සිදු කරන බවත්, ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගී තත්ත්වය වැඩිවීම් ඇතිවිය හැකි බැවින්, මහජනතාවට තම නිවාස, ගෙවතු සහ සේවා ස්ථාන පිරිසුදුව තබා ගැනීමට වග බලා ගන්නා ලෙසත් වෛද්‍ය නිලධාරි දයාන් සමරසේකර මහතා ඉල්ලා සිටිය.