දෙනවා කියූ සහන නොදු­න්නොත් අපි නීති­මය ක්‍රියා­මාර්ග ගන්නවා - සජිත්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

Report

 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “දෙනවා කියූ සහන නොදුන්නොත් ජනතාව වෙනුවෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා” යනුවෙන් සඳහන් කර තිබේ.

ඒ අනුව ඒ මහතා මෙම අදහස ප්‍රකාශ කළේ අනුරාධපුර, රාජාංගණය යාය 11 රෝහලට, හුස්ම වැඩසටහන යටතේ උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්ව සිටියදීයි.

දෙයියනේ රථ වාහන පරීක්ෂා කරපු පොලිස් නිලධාරියා හප්පලා මරලා

දෙයියනේ රථ වාහන පරීක්ෂා කරපු පොලිස් නිලධාරියා හප්පලා මරලා

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“මේ සුළි කුණාටු සමයේ සහ ඉන් පසුව රජය සහ ජනා­ධි­ප­ති­ව­රයා පාර්ලි­මේ­න්තුවේ සහ ඉන් පිටත ජන­තා­වගේ සුභසිද්ධිය උදෙසා විවිධ යෝජනා ඉදි­රි­පත් කර ක්‍රියා­ත්මක කරන බවට පොරොන්දු වුණා. මේ වන­විට එම වර­ප්‍ර­සාද හා සම්පත් මෙන්ම මූල්‍යශක්තිය ලබා දීමට රජය අපො­හො­සත් වී තිබෙ­නවා.

ටක­රන් කෑල්ලක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියූ රජය පූර්ණ හානි සිදු වූ නිවෙ­ස්ව­ලට දෙනවා කියූ ලක්ෂ 50 ආධා­රය හෝ පදිං­චි­යට නුසු­දුසු ඉඩම් සඳහා දෙනවා කියූ ඉඩම් ද ලබා දී නොමැති බවට වාර්තා වෙනවා. මෙය බර­ප­තළ කරු­ණක් නිසා කරු­ණා­කර දිට්වා සුළි කුණා­ටු­වෙන් විප­තට පත් ජන­තා­වගේ ජීවිත එක්ක සෙල්ලම් නොක­රන ලෙසට රජ­යෙන් ඉල්ලා සිටි­නවා. ප්‍රකාශ කළ ආකා­ර­ය­ටම සිය­ලුම සහන විප­තට පත් වූ ජන­තා­වට ලබා දිය යුතුයි.”

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි