වර්ෂාවත් සමග වැඩිවන ඩෙංගු රෝගින් මෙන්න...වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන්..

Report

මේ දිනවල පවතින වර්ෂා පතනය සහිත කාලගුණයත් සමග මෙරට ඩෙංගු රෝගින්ගේ විශාල ඉහල යාමක් පවතිනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.

වෙනත් වර්ෂවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි ද එම අමාත්‍යාංශය පවසයි.

මේ වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 43,393 ක් වාර්තා වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

ජූලි මාසයේදී පමණක් රෝගීන් සංඛ්‍යාව 11,119 වන අතර මෙතෙක් වාර්ථා වු වැඩිම සංඛ්‍යාව වාර්ථා වන්නේ එම මාසය තුලයි.

වැඩිම රෝගින් පිරිසක් වාර්ථා වන්නේ ද බස්නාහිර පළාතෙන් වන අතර ඉන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now