කොළඹ, ගම්පහ, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක රැසක අධි වසංගත තත්ත්වයක් - අධි අවදානම් කලාප 84ක් දක්වා ඉහළට

Report

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා විසින් ඩෙංගු රෝගය මේ වනවිට අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව පවසයි.

ඒ අනුව මෙතෙක් පැවති ඩෙංගු අධි අවදානම් කලාප 74 මේ වනවිට 84ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, මඩකළපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු ශීඝ්‍රයෙන් පැතිර යන බවට මේ වන විට හඳුනාගෙන තිබෙන බවයි.

හඳුනාගන්නා මේ සෑම රෝගියෙකුම රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවයක් නෑ - මාරාන්තික රෝගයකට සෞඛ්‍යයෙන් විශේෂ දැනුම්දීමක්

හඳුනාගන්නා මේ සෑම රෝගියෙකුම රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවයක් නෑ - මාරාන්තික රෝගයකට සෞඛ්‍යයෙන් විශේෂ දැනුම්දීමක්

එමෙන්ම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විසින් ප්‍රකාශ ක‍ර ඇත්තේ පාසල් දරුවන් ඩෙංගු වෛරසයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

මේ අතර ඩෙංගු ව්‍යාප්තිය හමුවේ ඊයේ(15) දිනෙන් ඇරඹුණු මදුරු මර්දන සතියේ දෙවන දිනය අදයි.

අද උදේ 8 සිට මේ ප්‍රදේශවලට පැය 19ක් වතුර නෑ - සූදානම් වන මෙන් විශේෂ දැනුම්දීමක්

අද උදේ 8 සිට මේ ප්‍රදේශවලට පැය 19ක් වතුර නෑ - සූදානම් වන මෙන් විශේෂ දැනුම්දීමක්

රථවාහන දඩ මුදල් වැඩි කරලා කියලා යන ප්‍රචාරවල ඇත්ත නැත්ත පොලිසිය හෙළි කරයි

රථවාහන දඩ මුදල් වැඩි කරලා කියලා යන ප්‍රචාරවල ඇත්ත නැත්ත පොලිසිය හෙළි කරයි