හඳුනාගන්නා මේ සෑම රෝගියෙකුම රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවයක් නෑ - මාරාන්තික රෝගයකට සෞඛ්‍යයෙන් විශේෂ දැනුම්දීමක්

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් රට තුළ වර්තමානයේ පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය හමුවේ, හඳුනාගන්නා සෑම ඩෙංගු රෝගියෙකුම රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳව වෛද්‍යවරුන් වෙත අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දී ඇති බවත් දන්වා ඇත.

ඒ අනුව පවතින ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ, මෙම තත්ත්වය තවත් මාසයක පමණ කාලයක් පවතිනු ඇති බවයි.

ඉන් අනතුරුව රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් අඩුවනු ඇති බවට අපේක්ෂා කරන බවත් සඳහන්.

මේ වෛරසය කළින්ට වඩා දරුණුයි පැතිරීමේ අවදානමත් ඉහළට - මහජනතාවට සෞඛ්‍යයෙන් විශේෂ දැනුම්දීමක්

මේ වෛරසය කළින්ට වඩා දරුණුයි පැතිරීමේ අවදානමත් ඉහළට - මහජනතාවට සෞඛ්‍යයෙන් විශේෂ දැනුම්දීමක්

මේ අතර ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට මහජන සහයෝගය අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන අමාත්‍යවරයා, රෝගය වැළැක්වීම ප්‍රධානතම ක්‍රමවේදයක් බව ද අවධාරණය කරයි.

එබැවින් රෝගීන් කළමනාකරණය කිරීමේදී, රෝහල් තුළ ඇති විය හැකි තදබදය අවම කිරීම වෙනුවෙන් සෑම රෝගියෙකුම රෝහල් ගත නොකර, රෝගී තත්ත්වයේ බරපතළකම අනුව කටයුතු කිරීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය මග පෙන්වීම් ලබා දී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව යම් අයෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සැක කරන්නේ නම්, ඔවුන් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අද උදේ 8 සිට මේ ප්‍රදේශවලට පැය 19ක් වතුර නෑ - සූදානම් වන මෙන් විශේෂ දැනුම්දීමක්

අද උදේ 8 සිට මේ ප්‍රදේශවලට පැය 19ක් වතුර නෑ - සූදානම් වන මෙන් විශේෂ දැනුම්දීමක්

එසේම ඉකුත් කාලසීමාව තුළ වාර්තා වූ ඩෙංගු මරණ පිළිබඳව අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ, බොහෝ රෝගීන් රෝහල් ගත කර ඇත්තේ රෝගයේ අවසන් අදියරේදී බවත් රෝගය උත්සන්න වන තෙක් නොසිට කල්තියා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් මරණ වළක්වා ගත හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

උදෑසන 5.30 දිවයිනටම නිකුත් කළ නිවේදනය - අද 2න් පසු වෙන දේ

උදෑසන 5.30 දිවයිනටම නිකුත් කළ නිවේදනය - අද 2න් පසු වෙන දේ

රියදුරන්ට නව නීතියක් - මේ නීතිය කැඩුවොත් වැඩ වරදියි විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක්

රියදුරන්ට නව නීතියක් - මේ නීතිය කැඩුවොත් වැඩ වරදියි විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක්