ඩෙංගු මරණ සංඛ්‍යාව 63 දක්වා ඉහළට

Report

මෙරට ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. එම ඒකකයේ නවතම දත්ත අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (05) වන විට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,088ක් ලෙස වාර්තා වී ඇත. මෙම මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,739 දෙනෙකු හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. දිස්ත්‍රික්ක අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එය සමස්ත රෝගීන්ගෙන් 21.27%ක ප්‍රතිශතයකි.

රටම කළඹපු මහර බන්ධනාගාරයට අලුතින් හදපු තැනුත් ඉවරයි- රැඳවියන් කළ කෝටි ගණනක හානිය මැන බලන්න විශේෂ කමිටුවක්

රටම කළඹපු මහර බන්ධනාගාරයට අලුතින් හදපු තැනුත් ඉවරයි- රැඳවියන් කළ කෝටි ගණනක හානිය මැන බලන්න විශේෂ කමිටුවක්

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 17,490ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 6,195ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 5,910ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 5,753ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට අවධානය යොමු කරන ලෙසත්, ඩෙංගු රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත්ය.

හෙට උදේ සිට පැය 5ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා මණ්ඩලයෙන් නිවේදනයක්

හෙට උදේ සිට පැය 5ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා මණ්ඩලයෙන් නිවේදනයක්

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න