රටම කළඹපු මහර බන්ධනාගාරයට අලුතින් හදපු තැනුත් ඉවරයි- රැඳවියන් කළ කෝටි ගණනක හානිය මැන බලන්න විශේෂ කමිටුවක්

Report

මහර බන්ධ­නා­ගා­රයේ සිදුවූ නොස­න්සු­න්තාව අත­ර­තු­රදී රැඳ­වි­යන් විසින් සිදු කරන ලද දේපළ හානිය තක්සේරු කිරීම සඳහා පංච පුද්ගල කමි­ටු­වක් පත්කළ බව වැඩ­බ­ලන බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් ප්‍රසාද් හේමන්ත මහතා සඳ­හන් කර ඇත සිදුවූ හානිය නිවැ­ර­දිව තක්සේරු කිරීම හා එම කොටස් ප්‍රති­සං­ස්ක­ර­ණය සඳහා වන කඩි­නම් යෝජනා මෙම කමි­ටුව හරහා ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තයි.

පසු­ගිය සෙන­සු­රාදා මහර බන්ධ­නා­ගා­රයේ රැඳ­වි­යන් ඇති කළ නොස­න්සු­න්කාරි තත්ත්වය හේතු­වෙන් පුන­රු­ත්ථා­පන අංශ ගොඩ­නැ­ඟිල්ල, අමු­ත්තන් පෙන්වන ස්ථානය, බන්ධ­නා­ගාර රෝහල, බන්ධ­නා­ගාර මුළු­තැ­න්ගෙය, ප්‍රධාන ජේල­ර්ව­ර­යාගේ කාර්යා­ලය හා කර්මාන්ත අංශ­යට මෙන්ම බන්ධ­නා­ගාර ගොඩ­නැ­ඟිලි රාශි­යක් විනා­ශ­යට පත්ව ඇත.

ඒ වගේම රැඳ­වි­යන් රඳවා ඇති වාට්ටු හැරෙ­න්නට, පරි­පා­ලන ගොඩ­නැ­ඟි­ලි­ව­ලට පහර දෙමින් ගිනි තබා හානි­කර රුපි­යල් කෝටි ගණ­නක හානි­යක් සිදු­කර ඇත මීට පෙර 2020 නොවැ­ම්බර් 29 හා 30 යන දින­වල මහර බන්ධ­නා­ගා­ර­යෙන් වාර්තා වූ දරු­ණු­තම ගැටුම අව­ස්ථාවේ ද මෙවැ­නිම විනා­ශ­යක් සිදුව ඇත.

TM App ඇතුළු තහනම් කෙරුණු පිරමිඩ ජාල 26ක ලැයිස්තුව මහ බැංකුවෙන් එළියට

TM App ඇතුළු තහනම් කෙරුණු පිරමිඩ ජාල 26ක ලැයිස්තුව මහ බැංකුවෙන් එළියට


එම විනා­ශ­යෙන් පසුව ඉදි­කළ හා ප්‍රති­සං­ස්ක­ර­ණය කළ බොහෝ­ම­යක් බන්ධ­නා­ගාර දේපොළ මෙහිදී නැවත විනා­ශ­යට පත්ව ඇති බව බන්ධ­නා­ගාර ආරංචි මාර්ග සඳ­හන් කර ඇත ඒ වගේම මහර බන්ධ­නා­ගා­රයේ සිදුවූ සමස්ත සිදු­වීම පිළි­බ­ඳව පුළුල් විම­ර්ශ­න­යක් සිදු කිරීම සඳහා ත්‍රිපු­ද්ගල නිල­ධාරි කමි­ටු­වක්ද පත් කර ඇත.

වැඩ­බ­ලන බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා වැඩි­දු­ර­ටත් සඳහන් කළේ එම කමි­ටුව මේ වන විටත් සිය විම­ර්ශන ආරම්භ කර ඇති බවයි.