හෙට උදේ සිට පැය 5ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා මණ්ඩලයෙන් නිවේදනයක්

Report

පූජාපිටිය ජල සම්පාදන යෝජනා ක්‍රමය මඟින් ජලය ලබාදෙන ප්‍රදේශ රැසකට හෙට (06) පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැය 05 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව දැනුම් දී ඇත.

එබැවින් ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින් දක්වා ඇත,

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

මැදවල (පැරණි) සේවා ජලාශය

කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැවේ, පල්කුඹුර, ඉඩමේගම, අරඹේගම, ගොරොක්ගස් අංග පාර, එළමල්පත, කොටුතැන්න, පෙතියාගොඩවත්ත, කළුවාන, බෝතොට, හරංකහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලොව, තිබ්බුට්‌ට සහ තලපැලැල්ලේගොඩ පාර.

මැදවල (නව) සේවා ජලාශය

බටුගොඩ, ඇහැළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සූරියකුඹුර, අඹරුප්ප, හරංකහව, බොක්කාවල, වලතැන්න සහ පතිරාද. ගල්ලෙනවත්ත සේවා ජලාශය ගල්ලෙනවත්ත සහ ඛාන්අංග.

ගලගෙදර සේවා ජලාශය

ගලගෙදර, වැමඩ, බෝයගොඩ ආශ්‍රිත ප්‍රදේශ, රඹුක්කන පාර, පොහොලියද්ද පාර සහ කුරුණෑගල පාර. මාවතගම සේවා ජලාශය මාවතගම, බරන්දන පාර, රඹුක්කන පාර, පරගහදෙණිය, යටිවිල්ල, මිල්ලව සහ පිලැස්ස.

කාලගුණයේ කැළඹීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් රටම බලා සිටි තීරණය අද

කාලගුණයේ කැළඹීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් රටම බලා සිටි තීරණය අද

ඒ අනුව ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටියි.

එසේම එම කාලය තුළ ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර වැඩි විස්තර සඳහා 1939 අංකය අමතා විමසීම් කළ හැකි බවත් පවසයි.

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න