යලිත් හිස ඔසවන මාරාන්තික ලෙඩක්

Report

මැයි 09 වනදා සිට 24 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මදුරු මර්ධන වැඩසටහනේ දී මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 30,000 සකට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

විශේෂ මදුරු මර්ධන සතිය තුළ පරිශ්‍ර 128,824ක් පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදි මදුරුවන් බෝවිය හැකි ස්ථාන 31,145ක් හඳුනා ගත් බව අමාත්‍යංශය සඳහන් කළේය.

නිළි රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹෙයි

නිළි රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹෙයි

මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,777ක් මෙහිදි හඳුනාගෙන ඇති අතර මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය 3,916ක් සඳහා රතු නිවේදන නිකුත් කර තිබේ.

එමෙන්ම තවත් පරිශ්‍ර 1,470 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇති බව සෞඛය අමාත්‍යංශ සඳහන් කළේය.

නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමග ඉදිරි කාලයේදි තවදුරටත් ඩෙංගු ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළයාමට හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අමාතංශය ජනතාවට දැනුම් දෙයි.