පෞද්ගලික අංශයේ සේවකයන්ගේ බඩට තට්ටුවක්.. - අවම වැටුප වැඩි වීම හිර වේ..
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 21,000 සිට 27,000 දක්වා වැඩි කිරීම සඳහා නව ගැසට්ටුව නිකුත් කිරීම ප්‍රමාද වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව අය-වැය සහන දීමනා පනතට සහ සේවකයන්ගේ "ජාතික අවම චේතනය" පනතට සංශෝධන සකස් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් බවට කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත, ජාතික කම්කරු උපදේශක සභාවේදී කීවේ යැයි නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
අමාත්‍යවරයා පවසා ඇත්තේ, නීතිපති දෙපාර්තමේන්තුවේ මෙම ප්‍රමාදය හේතුවෙන් පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ දැමීමට නොහැකි වී ඇති බවයි. මේ නිසා රු. 27,000 දක්වා වැටුප් වැඩි කිරීම පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඇති වී තිබෙන බව ප්‍රකාශකයා පැවසීය.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, රු. 27,000 වැටුප් වැඩි කිරීම ගැසට් නොකළ තත්ත්වයක රු. 50,000 දක්වා අවම වැටුප වැඩි කිරීමක් බලාපොරොත්තු විය නොහැකි බවයි.
නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පවසන්නේ, සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් වන තෙක් බලා සිටින බවත්, එහිදී වෘත්තීය මට්ටම්වලට අනුව වැටුප් වැඩිවීම් සිදුවන ආකාරය අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවත්ය.
කැබිනට් මණ්ඩලය විසින් 2025 අප්‍රේල් මාසයේ සිට රු. 21,000 සිට රු. 27,000 දක්වා සහ 2026 ජනවාරි මාසයේ සිට රු. 30,000 දක්වා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට යෝජනා කර තිබේ.
මේ අතර, පසුගිය අය-වැය මගින් ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අංශයේ අවම මාසික වැටුප රු. 24,000 සිට රු. 40,000 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත.
