රට පුරා විශ්‍රාමිකයෝ අමාරුවේ - විශ්‍රාම වැටුප් දත්ත පද්ධතියේ අවුලක්

Report

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය මාස කිහිපයක සිට බිඳවැටී ඇති හේතුවෙන් විශ්‍රාම වැටුප් අයදුම්පත් යොමු කිරීම ඇතුළු සේවා ලබාගැනීමේදී විශ්‍රාමිකයන්ට බරපතළ අපහසුතා ඇතිව ඇතැයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කරයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අන්තර්ජාලය මගින් සිදු කෙරෙන මෙම ක්‍රියාවලිය, දත්ත පද්ධතියේ ඇති දෝෂයක් නිසා 2025 පෙබරවාරි සිට අයදුම්පත් යොමු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. මෙය දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැසකට බලපා ඇති අතර, බොහෝ විශ්‍රාමිකයන්ට තම අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකිව ඇත.

අප කළ විමසීමකදී, මෙම ගැටලුව මාස ගණනාවක් තිස්සේ පවතින බව ප්‍රාදේශීය ලේකම් කාර්යාල තහවුරු කළේය. දිනකට යොමු කළ යුතු අයදුම්පත් රැසක් බිඳවැටුණු පද්ධතිය හේතුවෙන් එකතුව ඇති බවද වාර්තා වේ.

SJB කට්ටියට සජිත්ව එපා වෙයි... - නව නායකත්වයක් ඉල්ලයි

SJB කට්ටියට සජිත්ව එපා වෙයි... - නව නායකත්වයක් ඉල්ලයි

මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතාගෙන් ‘මව්බිම’ විමසූ විට, ඔහු පැවසුවේ, අයදුම්පත් යොමු කිරීමට භාවිතා කරන වෙබ් අඩවියේ වැඩිදියුණු කිරීම් සිදු කිරීමේදී මෙම දෝෂය ඇති වූ බවයි. එහෙත්, වෙබ් අඩවිය සම්පූර්ණයෙන් බිඳවැටී නැතැයි ද ඔහු සඳහන් කළේය.

පවතින ගැටලුව ඉක්මනින් විසඳීමට පියවර ගෙන ඇති අතර, එම කටයුතු ලබන සෙනසුරාදා (මැයි 17) වන විට අවසන් වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

විශ්‍රාමිකයන්ට ඇතිව තිබෙන අපහසුතා මඟහරවා ගැනීමට ගන්නා මෙම පියවරවල ප්‍රගතිය ගැන ඉදිරියේදී තවත් තොරතුරු ලබාදීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ. 

හේෂා අනුරගේ රෙදි ගලවයි - පිස්සු හැදෙන අනාවරණයක් මෙන්න!

හේෂා අනුරගේ රෙදි ගලවයි - පිස්සු හැදෙන අනාවරණයක් මෙන්න!