පවතින තත්ත්වය සමඟ දැදුරු ඔයේ වාන් දොරටු 4ක් අරී

Report

දැදුරුඔය ඉහළ සහ මධ්‍යම ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන්දොරටු 4ක් අද (15) පෙරවරුවේ සිට අඩි දෙක බැගින් විවෘත කිරීමට පියවර ගත් බව ජලාශය භාර වාරි ඉංජිනේරු කාර්යාලය පවසයි.

මෙම දොරටු විවෘත කිරීමත් සමඟ ජලාශයේ සිට දැදුරුඔය වෙත තත්පරයට ඝන අඩි 5,500ක ජල පරිමාවක් මුදාහැරේ.

වසර 7කට පසු මේ ගණනින් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

වසර 7කට පසු මේ ගණනින් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

පසුගිය දිනවල පැවති තද වැසි සහිත කාලගුණය හේතුවෙන් විවෘත කර තිබූ වාන්දොරටු ඊයේ දිනයේදී සම්පූර්ණයෙන්ම වසා දමා තිබුණද, පවතින වර්ෂාවත් සමඟ යළි මෙලෙස විවෘත කිරීමට සිදුව ඇත.

කෙසේ වෙතත්, මෙම ජල ප්‍රමාණය මුදාහැරීම හේතුවෙන් දැදුරුඔය පහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ද වාරි නිලධාරීන් වැඩිදුරටත් තහවුරු කරයි.

මත්ද්‍රව්‍ය සිද්ධියට හසුවූ චීවරධාරීන්ට සිවුර අතහරිනයැයි ඉල්ලීමක්

මත්ද්‍රව්‍ය සිද්ධියට හසුවූ චීවරධාරීන්ට සිවුර අතහරිනයැයි ඉල්ලීමක්