වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - ලංකාවේ ජලාශවල වාන් දොරටු වාන් දමයි

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින වර්ෂාවත් සමග දැදුරු ඔය සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කර ඇති බවයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ(25) රාත්‍රී වන විට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටම අඩි දෙක බැගින් විවෘත කර ඇති බවයි. එමගින් තත්ත්පරයට ඝන අඩි 11,200ක ජල ප්‍රමාණයක් මේ වන විට දැදුරු ඔය වෙත නිකුත් කෙරෙමින් පවතින බව සඳහන් වෙයි.

ලංකාවම උඩු යටිකුරු කරන්න යන කාලගුණයක් - මේ ප්‍රදේශ වල ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න

ලංකාවම උඩු යටිකුරු කරන්න යන කාලගුණයක් - මේ ප්‍රදේශ වල ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න

වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ මේ හේතුවෙන් ජලාශයෙන් පහළ දැදුරුඔය ආශ්‍රිත පදිංචි ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

මේ අතර වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 8ක් ද තබ්බෝව ජලාශයේ වාන් දොරටු 2ක් ද ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 2ක් ද විවෘත කර ඇති බව සඳහන් වෙයි. අත්නගලුඔයේ ජල මට්ටම ද දූනමලේ ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව සඳහන් වෙයි