ජනතාවටත් දැනුම්දීමක් - ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

Report

අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අද (2026 මැයි 14) පස්වරු 7.30 වන විට ලැබුණු වාර්තාවලට අනුව, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් අඩිය බැගින් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 1,400ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට මුදාහැරෙමින් පවතී.

මීට අමතරව ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 5,000ක ජල ප්‍රමාණයක් මී ඔය වෙත නිකුත් කරන බව වාරිමාර්ග ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්ත්වයක් ප්‍රකාශ කරයි

මේ ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්ත්වයක් ප්‍රකාශ කරයි

තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු 8ක් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 4,400ක ජල ධාරිතාවක් මී ඔය වෙත මුදාහැරේ.

මේ හේතුවෙන් මී ඔය දෙපස සහ ඉඟිනිමිටිය, තබ්බෝව ජලාශවල පහළ නිම්න ප්‍රදේශවල වෙසෙන ජනතාව ජල මට්ටම ඉහළ යාම පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය.

මේ අතර නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීමට පටන් ගෙන ඇති අතර, ඒ හේතුවෙන් කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක් - මේ පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක් - මේ පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

ගංගා සහ ජලාශ අවට පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග වැඩිදුරටත් දැනුම් දෙයි.