පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක් - මේ පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් සඳහා හෙට (2026 මැයි 15) විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ඒ පිළිබඳව කලාපයේ සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත.

මේ ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්ත්වයක් ප්‍රකාශ කරයි

මේ ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්ත්වයක් ප්‍රකාශ කරයි

මේ අනුව හෙට දින පාසල් කටයුතු සිදු නොවන අතර, කිසිදු අධ්‍යාපන හෝ බාහිර අවශ්‍යතාවක් වෙනුවෙන් සිසුන් හෝ ගුරුවරුන් පාසල් වෙත කැඳවීමෙන් වළකින ලෙස ද උපදෙස් දී තිබේ.

ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව සහ නායයෑම් අවදානම හේතුවෙන් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

මේ ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

අධ්‍යාපන බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ කාලගුණික තත්ත්වය යහපත් වීමෙන් අනතුරුව පාසල් නැවත ආරම්භ කරන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවයි.