ට්‍රම්ප් පැනවූ බද්දක් මාසයකට කල් දමයි
By Shehan
ට්‍රම්ප් යුරෝපයට පැනවීමට නියමිත 50%ක තීරුබද්ද මාසයකින් කල් දමා ඇත.
තර්ජනවලට නොව, එකිනෙකාට ගරු කරමින් සාකච්ඡා මේසයට පැමිණෙන්නේ නම්, ලබන ජූනි 1 වැනිදා සිට යුරෝපයෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 50%ක තීරුබදු පැනවීමේ තීරණය මාසයකින් කල් දමන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
යුරෝපා සංගමයට 50%ක තීරුබදු පැනවීමට ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ, දෙපාර්ශ්වය අතර තීරුබදු අර්බුදය සම්බන්ධ සාකච්ඡාවලදී බොහෝ යුරෝපා රටවල් විසඳුමකට එකඟ නොවීම හේතුවෙනි.
මේ අතර, යුරෝපා සංගමයේ වෙළෙඳ කටයුතු පිළිබඳ ප්‍රධානි මරෝස් සෙෆ්කොවික් පවසන්නේ, තර්ජනාත්මකව නොව ගෞරවාන්විතව කටයුතු කිරීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 බැඳී සිටින බවයි.