ව්‍යවස්ථා සභාවෙන් පොලිස්පති ධුරය ගැන තීරණයක්.

Sri Lanka Police Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka
By Hashini Oct 02, 2023 09:10 AM GMT
Hashini

Hashini

Report

ඉදිරි සතිය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත වනවා.

ඒ පොලිස්පති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි.

වර්තමාන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සේවා දිගුව තවත් දින හතරකින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

පසුගිය ජුලි 09 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දුන් අතර මේ මස 09 වනදායින් එය අවසන් වීමට නියමිතයි.

සී.ඩී. වික්‍රමරත්නට මේ වන විට අවස්ථා දෙකකදී සේවා දිගුවන් ලබා දී තිබෙනවා.

ඒ අනුව මෙවර නව පොලිස්පතිවරයෙකු පත් කර ගැනීමට නියමිතයි.

ඉදිරි සතිය තුලදී ජනාධිපතිවරයා නව පොලිස්පතිවරයෙකු නම් කර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට ඉදිරිපත් කරනු ලබනවා. 

ReeCha