යුධ ගිනිදැල් අවුලවමින් ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඉරානයේ 742ක පිරිසක් මරා දමයි

Report

ඉරාන මාධ්‍ය වාර්තා කරනුයේ, ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක් වී ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් මියගිය ගණන මේ වනවිට 742 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ පසුගිය 28 වැනිදාය. ඒ අනුව ප්‍රහාර එල්ල කිරීම් ආරම්භ කර පළමු පැය 24 ඇතුළත පමණක් මියගිය ගණන 96 ක් යැයි ද පැවැසෙයි.

එම 96 දෙනාගෙන් 85 දෙනකු සිවිල් වැසියන් බව ද ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කෙසේ නමුත් තත්ත්වය මේ වන විටත් සමථයකට පත්ව නැති අතර සාම සාකච්ඡා කිරීමටද කිසිදු රටක් මුලිකත්වය ගෙන නැති බව සඳහන් වේ.

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

ඉරානෙට ගහන්න ඇමරිකාවට අධික වියදමක් - නැව් කීපයක් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කරයි

ඉරානෙට ගහන්න ඇමරිකාවට අධික වියදමක් - නැව් කීපයක් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කරයි