පාකිස්ථානයේ ගංවතුරින් මියගිය ගණන ඉහළට
Pakistan
Death
Weather
Sinhala news
By Hashini
මේ දිනවල පාකිස්ථානයට බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් වාර්තා වන ආපදා හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙනවා.
පසුගිය පැය 24 තුළ ද පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට අධික වැසි ඇද හැලී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගංවතුර ආශ්‍රිත අනතුරුවලට ලක්වීම හමුවේ ගතවූ පැය 24 දී පමණක් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ගංවතුර ආපදා හේතුවෙන් ඉකුත් ජුනි 26 සිට මේ දක්වා මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 216 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසන්නේ.
තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 580ක් බවයි වාර්තා වන්නේ.
ඉන් 227 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර දරුවන් 192 දෙදෙනෙකු සහ කාන්තාවන් 163 දෙනෙකු ද තුවාල ලැබූවන් අතරට අයත්.
වාර්තා වන මරණ රැසක් සිදුව ඇත්තේ නිවාසවල වහල කඩා වැටීමෙන් බව ද සඳහන්.
