විදුලි බල මණ්ඩලයෙන් හෙට වර්ජනයක්?
ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමය, එළඹෙන ජූලි මස 22 වන අඟහරුවාදා එනම් හෙට දිනයේ විරෝධතාවක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
යෝජිත විදුලිබල සංශෝධන පනතට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලය තුළ සිටින සියලුම වෘත්තීන්ට අයත් සේවකයින්ගේ සාමූහික විරෝධය පළ කිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ බවයි එම සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා සඳහන් කළේ.
ඔහු සඳහන් කළේ මෙම පනත් කෙටුම්පත මගින් ලංකා විදුලිබල මණ්ඩලයට මෙන්ම එහි සේවක පිරිසටද අසාධාරණයක් සිදුවන බවයි.
සිය ගැටලු සඳහා බලධාරීන් නිසි අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්රියාමාර්ග වෙත යොමුවන බවටද ඒ මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීමක් සිදු කරනු ලැබුවා.