"ගම්පහ දාපු සෙල්ලම් මෙහෙ බෑ " කොටහේන ස්ථානාධිපතිට මරණ තර්ජන

Sri Lanka Police Sri Lanka Sri Lanka Magistrate Court
By Zara Mar 05, 2025 07:30 PM GMT
Zara

Zara

Report

කොටහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

මෝදර නිපුන නමැත්තෙකු විසින් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී මරණ තර්ජන එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සදහන් කළේ, පසුගිය මස 21 වැනිදා කොටහේන ප්‍රදේශයේ දුරකථන අළෙවිසැලකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් මියගිය දින පස්වරුවේ ඔහු එම තර්ජනය එල්ල කර තිබූ බවයි.

ඇමතුම් ලබාදුන් පුද්ගලයා තමන් හඳුන්වා ඇත්තේ " මම මෝදර නිපුන " ලෙසයි.

"ගම්පහ දාපු සෙල්ලම් මෙහෙ දාන්න බෑ. එහෙම වුණොත් හොඳින් හෝ නරකින් අපි බලාගන්නම් " යනුවෙන් ඔහු තර්ජනය කර තිබෙනවා.

පසුව මෙම කර්ජනය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, එහිදී අධිකරණය පොලිසියට නියෝග කළේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

මෙහිදී අදාළ දුරකථන දත්ත ලබා ගැනීමට ද අධිකරණය අවසර ලබා දී තිබූ අතර, පොලිසිය සදහන් කළේ, දේශීය දුරකථන අංකයකින් එම ඇමතුම් ලැබී තිබු බවයි.

අවසන් මහා තරඟයේදී ඉන්දියාවට එරෙහිව නවසීලන්තය

අවසන් මහා තරඟයේදී ඉන්දියාවට එරෙහිව නවසීලන්තය

සෙව්වන්දිද? දේශබන්ධුද ? අදාලම නෑ! අල්ලනවම තමයි

සෙව්වන්දිද? දේශබන්ධුද ? අදාලම නෑ! අල්ලනවම තමයි


ReeCha