අපි ඉල්ලගෙන කෑවේ සලින්තගෙන් පද්මෙට දෝස් මුරයක් - කුස්සියේ මස් කප කප ඉද්දී මාට්ටු වුණු පද්මෙලා

Sri Lanka Police Investigation Law and Order Sinhala news gagana news
By Mithu Sep 04, 2025 03:12 PM GMT
Mithu

Mithu

Report

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී පොලිස් අත්අඩංගුවට පත්වුණු කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳව තවත් තොරතුරු රැසක් අනාවරණය වී පවතී.

ඒ අනුව කෙහෙල් බද්දර පද්මේ කමාන්ඩෝ සලින්ත සමග ඔවුන් නැවතී සිටි මහල් නිවාසයේ කුස්සියේ ආහාර පිසමින් සිට ඇත. ඒ අවස්ථාවේදී පද්මේ විසින් මස් කප කපා සිටි බව සඳහන් වේ.

ඉන් අනතුරුව පොලිස් නිලධාරින් දුටු විගස ඔවුන් බියට හා තැති ගන්නට පත්වී තිබේ. අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සමග කමාන්ඩෝ සලින්ත පද්මෙට "අපි ඉල්ලගෙන කෑවේ" යනුවෙන් පවසා තිබේ. ඔහු ඒ ආකාරයෙන් පවසා තිබෙන්නේ එක්තරා අවස්ථාවකදී කෙහෙල් බද්දර පද්මෙගේ හෝටලේකට විමර්ශන කටයුත්තක් සඳහා පොලිස් නිලධාරීන් ගිය විටකදී පොලිස් නිලධාරී ලින්ටන්ට පද්මේ විසින් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් දුන් නිසා මේ බව සිදුවූ බවයි.

කෙසේ නමුත් එය පිළිනොගත් කෙහෙල් බද්දර පත්මේ පොලිස් නිලධාරි ලින්ටන්ගෙන් "සර් ඇත්තටම මේ කෝල් එක නිසාද ආවෙ" කියල අහපුු අවස්ථාවේදී ඔව් ඒ කෝල් එක නිසා ආවේ කියලා ඔහු පැවසූ බවට වාර්තා වේ. ඒ නිසාම කමාන්ඩෝ සලින්ත කෙහෙල් බද්දර පද්මේ විසින්ම ඉල්ලගෙන කෑවා කියලත් අන්තිමට චෝදනා කර ඇති බවට සඳහන්.