උපරිම මිලට උඩින් සහල් විකුණන්න බෑ - විකුණුවොත් වැඩ වරදී

Law and Order Latest Headlines Rice Rice Price Sinhala news
By Ashfa Sep 04, 2025 03:51 PM GMT
Ashfa

Ashfa

Report

දිවයින පුරා සිදු කල වැටලීම් 14,682 මගින් පාරිභෝගික කටයුතු අධිකාරිය 2025 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා සිදු කළ වැටලීම්වලින් මහේස්ත්‍රාත් අධිකරණ වල ගොනු කරන ලද නඩු හරහා රුපියල් මිලියන 211ක දඩ මුදල් නියම කර තිබේ.

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මෙලෙස සහල් වෙළඳපොළ තුළ වැටලීම් 2,800ක් සිදු කර ඇති අතර එයට සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 915ක් ද ඇතුළත් වන බවත් සහල් වැටලීම් සම්බන්ධයෙන් අධිකරණ මගින් රුපියල් මිලියන 95ක දඩ මුදල් පනවා ඇති බවත් වාර්තා වේ.

අවම වශයෙන් රුපියල් 100,000 සිට රුපියල් 500,000 දක්වා දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ මේ දෙකම හෝ නියම කළ හැකි බවත් සහල් ඉහළ මිලට විකිණීම පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ බරපතල වරදක් වන බවත් බාලධාරින් පවසයි.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

ඊට අනුව සමාගම් සඳහා, අවම දඩය රුපියල් 500,000ක් වන අතර, අධිකරණයට රුපියල් මිලියන 5ක් දක්වා දඩ මුදල් පැනවීමට බලය තිබෙන අතර සහල් වෙළඳාමේ නියැලී සිටින සියලුම පාර්ශ්වකරුවන් නීතියට අනුකූලව කටයුතු කරන ලෙසත්, ගැසට් කර ඇති මිල ගණන් පවත්වාගන යාම සදහා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා ඇත.