එක්ස්ප්‍රස් පර්ල් වන්දියෙන් මිලියන 293ක් ධීවරයන්ට ගෙවලා නෑ - වැඩේ මාට්ටු

Report

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් ලැබුණු වන්දි මුදල්වලින් රුපියල් මිලියන 293ක මුදලක් ධීවර ප්‍රජාවට සිදු වූ හානිය වෙනුවෙන් තවමත් ගෙවා නැති බව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී හෙළි වී ඇත. මෙම කාරක සභාව පසුගියදා රැස් වූ අවස්ථාවේ ඒ පිළිබඳව අදාළ නිලධාරීන්ට එම කාරක සභා මන්ත්‍රීවරුන් තම අප්‍රසාදය පළකර තිබේ.

ඒ අනුව මේ වන විට ලැබී ඇති වන්දි මුදල් ප්‍රමාණය සහ ඒවායින් ධීවරයන්ට වන්දි වශයෙන් ගෙවා ඇති වෙරළ සංරක්ෂණය වෙනුවෙන් වියදම් කර ඇති මුදල් ප්‍රමාණය සහ මේ වන විට ඉතිරි වී ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස මෙහිදී කාරක සභාව නිර්දේශ කර තිබේ.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

මෙම නෞකාවෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ පවරා ඇති හඩු වල ප්‍රගතිය සම්බන්ධයෙන්ද පැමිණි පාර්ශ්වවලින් කරුණු විසීම සිදුවිය. අදාළ නෞකාවේ හිමිකාරීත්වය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයේ පවරන ලද නඩුව සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වී ඇත.

අපි ඉල්ලගෙන කෑවේ සලින්තගෙන් පද්මෙට දෝස් මුරයක් - කුස්සියේ මස් කප කප ඉද්දී මාට්ටු වුණු පද්මෙලා

අපි ඉල්ලගෙන කෑවේ සලින්තගෙන් පද්මෙට දෝස් මුරයක් - කුස්සියේ මස් කප කප ඉද්දී මාට්ටු වුණු පද්මෙලා

පරිසර අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ පාර්ශ්ව අතර සම්බන්ධතාව තරමක අවම මට්ටමක පවතින බව කාරක සභාව මෙහිදී පෙන්වා දී ඇති අතර සියලුම පාර්ශ්ව මේ සම්බන්ධයෙන් එක්ව සාකච්ඡා කර කරුණු නිවැරැදිව නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද කරුණු ඉදිර්පත් කර තිබේ.

භූතාන අගමැති ඉන්දියාවේ නිල සංචාරයක

භූතාන අගමැති ඉන්දියාවේ නිල සංචාරයක