අවසන් මහා තරඟයේදී ඉන්දියාවට එරෙහිව නවසීලන්තය
දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 50කින් පරාජය කර ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුදුසුකම් ලබාගැනීමට නවසීලන්තය සමත් විය.
තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙසින් මෙම තරගය පාකිස්තානයේ ලාහෝර්හිදී අද (5) රාත්‍රියේ පැවැත්විණි. මෙහි පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 362ක් රැස්කළේය.
කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට රැස්කළ හැකිවූයේ පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 312ක් පමණි.
වසර 8කට පසුව පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා නවසීලන්තය සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව මෙයයි.