දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

By Mithu Sep 04, 2025 05:21 PM GMT
Report

ගාල්ල - බෙලිඅත්ත අතර දුම්රිය මාර්ගයේ මිනුවන්ගොඩ බිංගේ ප්‍රදේශයේදී කාන්තාවක් දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 75ක් පමණ වන කාන්තාවක් බව පොලීසිය පැවසුවේය. අදාළ කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර එම ස්ථානයේ තිබූ අත් බෑගයක තිබී ඊයේ දින‍යේ යක්කලමුල්ල ප්‍රදේශයේ දී ෆාමසියකින් බෙහෙත් ගත් තුණ්ඩුවක් සොයා ගෙන ඇත.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

මෘත දේහය ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

අපි ඉල්ලගෙන කෑවේ සලින්තගෙන් පද්මෙට දෝස් මුරයක් - කුස්සියේ මස් කප කප ඉද්දී මාට්ටු වුණු පද්මෙලා

අපි ඉල්ලගෙන කෑවේ සලින්තගෙන් පද්මෙට දෝස් මුරයක් - කුස්සියේ මස් කප කප ඉද්දී මාට්ටු වුණු පද්මෙලා