විපක්ෂේ මන්ත්‍රිනීයගේ දොරකඩට ආව මරණ තර්ජන, සුදු වෑන් ආවේ ඉස්සර දැන් එන්නේ මාලිමාවෙ සුදු කැබ්
ශ්‍රී ලංකා පොදුජන පෙරමණේ වැලිගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීනී සංජුලා පියදිගම මහත්මියට මරණ තර්ජන කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මිරිස්ස ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ රැඳී සිටියදී මෙසේ තර්ජනය කර ඇත්තේ දිගු කාලයක සිට දේශපාලන ලෙස හඳුනන පුද්ගලයෙක් බවට ඇය චෝදනා කරයි.
කැබ් රථයකින් පැමිණ තම නිවස අසල නවතා තමාට තර්ජනය කළ බව කියන ඇය එම රථය නිවස ඉදිරිපිට පැමිණෙන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශනද ඉදිරිපත් කරන බව වාර්තා වේ.
ඒ අනුව ඇය මෙසේ ද පවසා ඇත.
"හවස හයයි කාලට පමණ මම නිවසේ ඉදිරිපිට සිටියදී සුදු කැබ් රථයක් අපේ ගෙදර ඉස්සරහා නැවැත්තුවා. නවත්තලා හෝන් එක ගැහුවට පස්සේ මම තාප්පේ ගාවට ගියා. පස්සේ වීදුරුව පහත් කරලා හා මැඩම් කියලා කිව්වා. ඒ වෙලාවේ මම එබිලා බැලුවා කවුද කියලා. ඒ වෙලාවේ ඩ්‍රයිවින් ෂිට් එකේ හිටියේ මුලටියන ජාතික ජනබලවේගයට සාමාජිකත්වය දරන දහනායක මහත්තයා. එතුමා තමයි මට මීට පෙරත් ගිය සභාවාරයට කලිනුත් යම්කිසි මුදලක් දෙන්නම් ප්‍රතිපාදන දෙන්නම් කියලා මට දුරකථන ඇමතුම් මඟින් කතා කරා තව කෙනෙක් ලව්වා. නමුත් මම ඒ දේට කැමති වුණේ නැහැ. එහෙම ඉන්දෙද්දී ඊයේ හවස මෙහෙම වාහනේ නතර කරලා මගෙන් ඇහුවා හා මැඩම් කියද්දී මම බැලුවා කවුද කියලා. එතකොට මෙන්න මේ දහනක මහත්තය ඊට පස්සේ මෙතුමා මගෙන් ඇහුවා ආ දැන් 24 සභාව පිහිටවනෙ කියලා. මම කිව්වා ඔව් ඇයි ඇයි ප්‍රශ්නයක්ද කියලා. ඊට පස්සේ කිව්වා එකපාරටම 24 සභාවට ආවොත් උඹ මරලා හංගනවයි කිව්වා. රස්සාවටත් ප්‍රශ්නයක් කරගන්න නැතුව ගෙදරට වෙලා ඉඳපන් කිව්වා. මම රජයෙන් ඉල්ලා සිටින්නේ මන්ත්‍රී ධූරයක් අරගෙන සභාවට ගියා කියලා මෙහෙම තර්ජන ගර්ජන කරලා ඔවුන්ගේ බලය ගන්න ලෑස්ති වෙන්න එපා" යනුවෙන්.
