ගෙදරිනුයි රටිනුයි දෙකෙන්ම පැන්න රාජිත

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිවසින් පිටව ගොස් ඇති බවත් ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බවත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

අල්ලස් කොමිසම මේ බව අධිකරණය හමුවේ කියා ඇත්තේ ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් බව සඳහන්.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

කෙසේ වෙතත් සේනාරත්න මහතා දැනටමත් තමන් රටින් බැහැරව සිටින බව කියා ඇත.

එසේම තමන් අසනීපයෙන් පසුවන බවටත් අල්ලස් කොමිසමට ලබා දී ඇති ලේඛනයේ නීතිමය පිළිගැනීමක් දක්නට නැති නොමැති බවත් මෙහිදී කොමිසම අධිකරණයට දක්වා ඇති බව සඳහන්.

මෙහිදී අධිකරණය දැනුම් දී ඇත්තේ ඔහු අල්ලස් කොමිසමට ලබා දුන් ලේඛන පරීක්ෂා නොකර වරෙන්තුවක් නිකුත් කළ නොහැකි බවයි.

ලියුම්වලින් ලැජ්ජා කරන ට්‍රම්ප්, අපේ ජනාධිපතිට අරුණ කිව්වා මදිවට ලිංග භේදත් වෙනස් කරලා

ලියුම්වලින් ලැජ්ජා කරන ට්‍රම්ප්, අපේ ජනාධිපතිට අරුණ කිව්වා මදිවට ලිංග භේදත් වෙනස් කරලා

තත්ත්වය එසේ වුවද සැකකරු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බලය ඇති බවත් අධිකරණය දන්වා ඇත. එනිසා තම බලතල අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවත් අධිකරණය පෙන්වා දී තිබෙනවා.

අල්ලස් කොමිසම මෙම ඉල්ලීම අධිකරණයෙන් සිදු කර ඇත්තේ ධීවර වරාය නීතිගත සංස්ථාවට ඉදිරිපත් කළ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දීමෙන් රජයට ලක්ෂ 263කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ෂණයකට අඳාළවයි.

මේ යන විදිහට ඇඟ බද්දකුත් ගහයි, ඩිජිටල් සේවාවලට ගහන්න යන බද්දෙන් වෙන විපාක ගැන දුමාලි කට අරී

මේ යන විදිහට ඇඟ බද්දකුත් ගහයි, ඩිජිටල් සේවාවලට ගහන්න යන බද්දෙන් වෙන විපාක ගැන දුමාලි කට අරී