රුහුණු විශ්වවිද්‍යාලයේ අත්අඩංගුවට ගත් සිසුන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත

Report

සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ සිසුන් 21 දෙනෙක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (21)  දිනයේ   ඉදිරිපත් කරන බව පොලීසිය සදහන් කරයි.

එ සදහා හේතු වී ඇත්තේ (19) දින පැවැති ක්‍රිකට් තරගයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක්  වේ.

 ඉන්  පසුව එය සමථයකට පත්වී ඇති අතර ඊයේ (20) දිනයේදී ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවීම හේතුවෙන් සිසුන් 6 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුන් සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ගැටුම මෙලෙස වර්ධනය වී ඇත. 

එහිදී කෘෂි විද්‍ය පීඨයේ පාලනාධිකාරිය විසින් තත්ත්වය පාලනය කිරීම සඳහා එම වසරවල් දෙකේ සිසුන් තාවකාලිකව අදාළ පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

මෙම ගැටුමට සම්බන්ධ අත්අඩංගුවට ගත් සිසුන් 21 දෙනෙක් අද දිනයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.    

සෙව්වන්දි එක්ක ලංකාවට ගෙනාපු ගම්පහ බබාගෙන් ආන්දෝලනාත්මක ඝාතන සැලසුමක් එළියට - පද්මේගේ පැටිකිරිත් වමාරයි

සෙව්වන්දි එක්ක ලංකාවට ගෙනාපු ගම්පහ බබාගෙන් ආන්දෝලනාත්මක ඝාතන සැලසුමක් එළියට - පද්මේගේ පැටිකිරිත් වමාරයි

අස්වැසුම නිසා ලොකු ප්‍රශ්නයක්

අස්වැසුම නිසා ලොකු ප්‍රශ්නයක්