ලියුම්වලින් ලැජ්ජා කරන ට්‍රම්ප්, අපේ ජනාධිපතිට අරුණ කිව්වා මදිවට ලිංග භේදත් වෙනස් කරලා [PHOTOS]
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දියත් කළ ගෝලීය තීරුබදු ව්‍යාපාරයේදී විදේශ රාජ්‍ය නායකයන් දෙදෙනෙක්ට යවා ඇති නිල ලිපිවල සිදුවූ අපහසුකාරී රාජ්‍යතාන්ත්‍රික දෝෂ පිළිබඳව දැඩි කතාබහක් මතුව ඇත.
ඒ අනුව එම ලිපි දෙක දැඩි විවේචනයට ලක්ව ඇත්තේ බොස්නියානු නායිකාවගේ ස්ත්‍රී පුරුෂ භාවය වැරදියට සඳහන් කිරීම සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නාමය වැරදියට අක්ෂර වින්‍යාසය යෙදීම යන දෝෂයන් නිසයි.
එම ලිපියේ බොස්නියාව සහ හර්සගොවීනාවේ ජනාධිපති මණ්ඩලයේ සභාපතිනිය වන සෙලීකා ස්වියනොවිච් (Željka Cvijanović) වෙත යොමුකළ ලිපියක, ට්‍රම්ප් ඇයට "අතිගරුතුමිය" (Her Excellency) යනුවෙන් නිවැරදිව සඳහන් කර ඇත.
එහෙත් ලිපියේ මූලාරම්භය "ගරු ජනාධිපතිතුමනි" (Dear Mr. President) යනුවෙන් සටහන් කර තිබෙන බව සඳහන්.
ඒ අනුව මෙම දෝෂය වේගයෙන් අන්තර්ජාලය ඔස්සේ පැතිරෙමින් පවතී.
එසේම එය 'ද ඩේලි බීස්ට්' (The Daily Beast) වෙබ් අඩවියෙන්ද සඳුදා දින වාර්තා කර ඇති බව පවසයි. කෙසේ වෙතත් පසුව අඳාළ සටහන ඉවත් කර "ගරු ජනාධිපතිතුමියනි" (Dear Madam President) යනුවෙන් නිවැරදි කරන ලද පිටපතක් යළි පළ කර ඇති බව සඳහන්.
ඊට අමතරව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කළ ට්‍රම්ප්ගේ ලිපියේද එවැනිම දෝෂයක් වී ඇත.
ඒ අනුව එහි ජනාධිපතිවරයාගේ මුල් නම "අරුණ" (Aruna) යනුවෙන් සඳහන් කර තිබෙනවා.
එසේ වුවත් එම ලිපියද පසුව ඉවත් කර නිවැරදි අක්ෂර වින්‍යාසය සහිතව යළි පළ කිරීමට පියවර ගෙන ඇත.
අඳාළ ලිපි දෙකම වෙළෙඳ ගිවිසුම් යළි සාකච්ඡා කිරීමට අපොහොසත් රටවල අපනයනට 30%ක තීරු බද්දක් පනවන බවට අනතුරු අඟවමින් ලබන අගෝස්තු 1 වන දා ඉලක්කයට පෙර ට්‍රම්ප් පරිපාලනයෙන් යවන ලද රාජ්‍යතාන්ත්‍රික පණිවිඩ රැල්ලක කොටසක් වේ.
එසේම මෙරටට එවූ ලිපියෙන් එරටට "ඉතා දැඩි" වෙළෙඳ බාධක පවත්වාගෙන යන බවට චෝදනා කර තිබූ අතර, ප්‍රතිසංස්කරණ සිදු නොකළහොත් එක්සත් ජනපදයට ඇතුළු වන සෑම භාණ්ඩයකටම අධික තීරුබදුවලට යටත් වනු ඇතැයි අනතුරු අඟවා ඇත.
මේ අතර ට්‍රම්ප් "එක්සත් ජනපදයේ සුවිශේෂී ආර්ථිකයට සහභාගී වන ලෙස අපි ඔබට ආරාධනා කරමු" යනුවෙන් එම ලිපියෙහි දක්වා ඇත.
එමෙන්ම එක්සත් ජනපදය තුළ ආයෝජනය කරන සමාගම් කිසිදු තීරු බද්දකට මුහුණ නොදෙනු ඇති බවද පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් ලිපිවල ස්වරය බැරෑරුම් වුවත් ඉහළම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලදී නිරවද්‍යතාව සහ විධික්‍රම සම්බන්ධයෙන් කනස්සල්ල මතු කරමින්, ඒවායේ අන්තර්ගතය මෙම දෝෂයන් නිසා යටපත්ව ඇති බව පවසයි.
කුමක් වුවත් අඳාළ තීරුබදු තර්ජනයට හෝ නිවැරදි කරන ලද ලිපියට ශ්‍රී ලංකා රජය මේ වන තෙක් ප්‍රතිචාරයක් දක්වා නැති බවහ් වාර්තා වේ.


