පොල් ගෙඩි දෙකක් සොරකම මරණීය දණ්ඩනයෙන් අවසන් වේ

Report

අද (23) දින පොල් ගෙඩි දෙකක් හොරෙන් ගත්තැයි යකඩයෙන් ගසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් කිරීමේ චෝදනාවට වරදකරු වූ අයෙකුට හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මරණීය දණ්ඩනය නියම කර ඇත. සිද්ධියට අදාළ නඩුවේ චූදිතයින්ට එරෙහිව නීතිපතිතුමා විසින් 2001 වර්ෂයේ දි අධිචෝදනා ගොනු කර ඇත.

තංගල්ල සභාපති සුද්දිව දුෂණේ කරා - ඔක්කොම නාමල්ගේ ගෝලයෝ IRC කාරයො

තංගල්ල සභාපති සුද්දිව දුෂණේ කරා - ඔක්කොම නාමල්ගේ ගෝලයෝ IRC කාරයො

මෙම අධිකරණ බල සීමාව තුළ පිහිටි නියදගල වෙල්යායකදී පුද්ගලයෙකු පොල්ලෙලි ගසන යකඩයකින් පහරදී මරණයට පත් කිරීම නිසා දණ්ඩ නීති සංග්‍රහය අනුව මිනීමැරීමේ වරද සිදු කළ ඇති බවට අධිචෝදනා ගොනු කර ඇත.

මෙම නඩුවේ පළමු වන චූදිත වන රංජිත් ධර්මසේන යන අයට එරෙහිව පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති මිනීමැරුමේ චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වන බැවින් ඔහුට එරෙහිව මිණිමැරීමේ චෝදනාවට වරදකරු කරන බව සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් ලබා දුන් සාක්ෂි ඇගයීමට ලක් කළ විනිසුරුවරයා පැවසුවේය.

අධිකරණය ඇතුළේ වෙඩි තියනවා මහජන දිනයේ පුටුව උඩම වෙඩි තියනවා කෝ ආරක්ෂාව - නාමල් රාජපක්ෂ යකා නටයි

අධිකරණය ඇතුළේ වෙඩි තියනවා මහජන දිනයේ පුටුව උඩම වෙඩි තියනවා කෝ ආරක්ෂාව - නාමල් රාජපක්ෂ යකා නටයි

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විනිසුරුවරයා සඳහන් කර සිටියේ, 

"සිද්ධියට අදාළ පළමුවැනි චූදිත හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී හොඳින් හඳුනාගත් බවට ලබාදුන් සාක්ෂි අනුව පැහැදිලි වෙනවා. එම සාක්ෂි වලට හරස් ප්‍රශ්න වලදී කිසිදු හබ කිරීමකට ලක් කිරීමක් කර නැති බව දක්නට ලැබෙනවා.ඒ අනුව බලන කල මෙම නඩුවට අදාලව 2024.01.23 වන දින පූර්වගාමී විනිසුරුතුමා ඉදිරියේ හඳුනා ගැනීමේ පෙරට්ටුවට අදාලව වාර්තා කිරීමේදී විත්තිකරුවන් මෙම පෙරෙට්ටුව පවත්වන ලද සාක්ෂිකරුවන්ගේ අසල්වැසියන් බවට වන කාරණය සහ ඔවුන් හොදින් දන්නා තැනැත්තන් වන බවට කරුණු පෙරෙට්ටු පැවැත්වීමේදී විරෝධතා වශයෙන් ඉදිරිපත් කර ඇති බව යනුවෙන් සදහන් කර ඇති කාරණා කිසිසේත් නිවැරදි නොවන බවට මා හට පෙනී යනවා."

" කෙසේ වුවත් එලෙස සදහන් කර ඇති කරුණු තුලින් මෙම නඩුවේ 01 චුදිතට කිසිදු අගතියක් සිදු විය නොහැකි අතර, අදාළ හඳුනා ගැනීමේ පෙරට්ටු වාර්තාව මෙම අධිකරණය ඉදිරියේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කර ඇති පසුබිම තුල මෙම අධිකරණය මඟින් සලකා බැලිය යුත්තේ එම හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වූ අවස්ථාවේදී 01 චුදිත වෙනුවෙන් ඉදිරිපත් කර ඇති විරෝධතාවය සම්බන්ධයෙන් පමණක් බවයි." "සමස්ථයක් ලෙස ගෙන බැලීමේදී මෙම නඩුවේ දෙවන සාක්ෂිකරු වන උඩුවනගේ අමරසේන සහ තුන්වන සාක්ෂිකරු වන විජේසුන්දර මොහොට්ටාලලාගේ සිරිසේන යන සාක්ෂිකරුවන් දෙදෙනා විසින් මෙම නඩුවෙහි 01 වුදිත වන කෝට්ටගේ රංජිත් ධර්මසේන යන අයව අපරාධ ස්ථානයේදී හඳුනා ගත් බව සහ මරණකරුගේ හිසට යකඩ පොල්ලකින් පහරදීම ගැන මෙම අධිකරණය ඉදිරියේ ලබාදුන් සාක්ෂිය සම්බන්ධයෙන් කිසිදු සැකයක් මෙම අධිකරණය ඉදිරියේ ‍ඉදිරිපත් වී නැහැ"

"මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් ගොනුකර ඇති වැඩිදුර ලිඛිත දේශනය මගින් ඉල්ලා ඇති පරිදි දඬුවම් ලිහිල් කිරීමට මෙම අධිකරණයට කිසිදු හැකියාවක් නොමැති අතර, උගත් විත්තියේ නීතීඥ මහතා විසින් සඳහන් කර ඇති පරිදි දණ්ඩ නීති සංග්‍රහයේ 294 වශන්තියෙහි 4 වන වගන්තියට අනුව මෙම නඩුවේ සිද්ධිමය කරුණු අදාල කර ගත හැකිද යන්න සම්බන්ධයෙන් මා විසින් මෙම තීන්දුවෙහි ඉහත අවස්ථාවක සදහන් කර ඇති අතර, ඒ අනුව මෙම නඩුවේ 01 වන වුදිත විසින් මෙම නඩුවේ මරණකරුගේ හිසට යකඩ පොල්ලකින් පහර දීමෙන් තුවාල සිදුකිරීමේ ක්‍රියාව දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තියට ආදාල හදිසි සටනක හදිසි දබරයකදී කෝපය ඇවිස්සුනු අවස්ථාවකදී කල්තබා කල්පනා කිරීමක් නොකර අනිසි වාසියක් නොලබා හෝ කෲර ලෙස හෝ අස්භාවික ලෙස ක්‍රියා කිරීමකින් තොරව වුදිත විසින් කටයුතු කිරීමක් මෙම නඩුවේදී ඉදිරිපත් වී ඇති සමස්ථ සාක්ෂි මඟින් හෙළි නොවන පසුබිම තුළ මෙම නඩුවේ 01 වුදිතට පිළිසරණක් ලැබීමට නොහැකි බවට මා තීරණය කරනවා."

"සමස්ථයක් ලෙස මෙම නඩුවේ ඉදිරිපත් වී ඇති සියලු සාක්ෂි එක්ව ගෙන සහ වෙන්ව ගෙන සලකා බැලීමේදී පැහැදිලිව මෙම අධිකරණයට පෙනී යන්නේ මෙම නඩුවේ පැමිණිල්ල විසින් මෙම චුදිතයින් තිදෙනාටම එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවෙහි ඔප්පු කල යුතු අගයන් සියල්ලම මෙම නඩුවේ 01 චුදිතට එරෙහිව පමණක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවය. මෙම නඩුවේ 2 වුදිතට සහ දැනට මියගොස් ඇති 3 වුදිතට එරෙහිව කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවට මා තීරණය කරනවා. මෙම නඩුවේ 3 වන චුදිත නඩු විභාගය අතරතුර මියගොස් තිබෙනවා.ඒ අනුව මා මෙම නඩුවේ 2 වුදිත එරෙහි ඉදිරිපත් කර ඇති මිනී මැරීමේ චෝදනාවට නිවැරදිකරු බව තීරණය කරමින් ඔහුව එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරනවා" කෙසේ වෙතත් මෙම නඩුවේ පළමු වන චූදිත වන රන්ජිත් ධර්මසේන යන සැකයෙන් ඔබට ඔප්පු කර ඇති බවට මා තීරණය කරනවා. ඒ අනුව මා ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති මිනීමැරුම් චෝදනාවට වරදකරු කරනවා. ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරනවා" යනුවෙන් විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කළා.