අධිකරණය ඇතුළේ වෙඩි තියනවා මහජන දිනයේ පුටුව උඩම වෙඩි තියනවා කෝ ආරක්ෂාව - නාමල් රාජපක්ෂ යකා නටයි

Report

අද දින (23) රැස්වූ පාර්ලිපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධව රජය ගෙන ඇති වැඩපිළිවෙල පිලිබදව ඔහුගේ අදහස් ඉදිරිපත් කළේය.

එහිදී ඔහු පවසා සිටියේ වර්තමාන රජය විසින් මත්ද්‍රව්‍ය මැඩලීමට හා සංවිධාන අපරාධ අවසන් කිරීමට සැලසුම් කලද එක කොටසක් පමණක් තෝරාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමත් දේශපාලන සහයෝගය ලබාදීමත් සිදුවන බවයි. ඒ සදහා බුද්ධි අංශය ,නාවික අංශය ශක්තිමත් කල යුතු නමුත් මේ වනවිට තනතුරේ සිටි බුද්ධි අංශ හා නාවික අංශ ප්‍රධානීන් සිරගත කර තමන්ට අවශ්‍ය පුද්ගලයන් ප්‍රධානීන් කොට මත්ද්‍රව්‍ය මැඩලීමට හා සංවිධාන අපරාධ අවසන් කිරීමට සිතුවද එය සිදු නොවන බවයි. එමෙන්ම එම අංශ ශක්තිමත් කර ජාත්‍යන්තර බුද්ධි අංශ වාර්තා පරික්ෂා කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ආනන්ද විජේපාල ත්‍රස්තවාදියෙක් ආනන්ද විජේපාල නොහොත් කියන්නද ඉතුරු ටික

ආනන්ද විජේපාල ත්‍රස්තවාදියෙක් ආනන්ද විජේපාල නොහොත් කියන්නද ඉතුරු ටික

නමුත් මේ වනවිට ජාත්‍යන්තර බුද්ධි අංශ අනතුරු අගවා සිටියද කන්ටේනර් බහාලුම් නිදහස් කිරීමත් තවමත් ඊට අදාළ වැරදිකරු සොයාගැනීමට නොහැකි වීමත් අදහාගත නොහැකි බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා සිටියේය. දෙසැම්බර් පැමිණි කන්ටේනර් බහාලුම් ජනවාරි මස නිදහස් කර දැනට වසරක් වීමට පැමිණ ඇත්ත තවමත් වරදකරු සොයාගැනීමට නොහැකි වීම, නුවරඑළියේ අයිස් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් ඇති බව පවසා දැන් නැති බව පැවසීම විශ්වාස කල නොහැකි තත්ත්වයක් බවත් ඔහු චෝදනා කරයි.

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න

පාස්කු ප්‍රහාරය පිළිබද ආ බුද්ධි අංශ තොරතුරු මහහැරිය පුද්ගලයන්ට උසස්වීම් ලබාදීම,රටේ අධිකරණ භූමිය තුලට ගොස් විනිසුරුවරිය ඉදිරියේ පුද්ගලයකුට වෙඩි තැබීම ,තමාට ආරක්ෂාව ලබා දෙන ලෙස ලිපියක් ලබාදුන්නද එය නොසලකා මේ වනවිට මහජන දිනයේදී ලසන්ත වික්‍රමසේකර සභාපති ඝාතනය වීම මගින් වර්තමාන රජයේ ක්‍රියාකාරකම් පිලිබදව වැටහෙන බවත් ආණ්ඩුව විසින් ජනතාවට ලබාදී ඇති ආරක්ෂාව පිලිබදවත් තමා නොසතුටු වීම පිලිබදව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.