අභිරහස් ලෙස පුද්ගලයෙක් මිය යයි - දෙදෙනෙක් අත්අඩංගුවට..

By krishani Feb 01, 2023 06:59 AM GMT
Report

මහනුවර දුම්රිය නිල නිවාසයකට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත් වී ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහනුවර පොලීසිය සැකපිට දුම්රිය නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය එම පුද්ගලයා කඩුගන්නාව ප්‍රදේශයේ පසුගිය 13 වෙනිදා දුම්රිය නිල නිවසට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ නිවසේ සිටි තරුණියන් දෙදෙනෙක් බියට පත්ව කෑ ගසා ඇත.

පසුව එම හඬ ඇසී එම ස්ථානයට පැමිණි දුම්රිය නියාමකවරුන් දෙදෙනෙකු කළ පහරදීමෙන් නිවසට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයා ඇදවැටී තුවාල ලබා ඇති අතර පසුව ඔහු රෝහල්ගත කර ඇත.

ලද තොරතුරු මත පොලීසිය විසින් දුම්රිය නියාමකවරු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් පවසා ඇත්තේ තමන් මියගිය පුද්ගලයාට පහර නොදුන් බවත් ඔහු නිල නවසේ ඉහළ මහළින් ඇදවැටී තුවාල ලැබූ බවත් ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් අපරාධ විමර්ශන අංශයට භාර දී ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join