බලෙන් සිපගන්න ගිහින් පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Oct 14, 2023 06:40 AM GMT
krishani

krishani

Report

මත්පැන් පානය කරමින් සිටිය දී පුද්ගලයෙකු සිප ගැනීමට ගොස් ජීවිතය අහිමි වූ පුවතක් පිළිබඳව පුවතක්  දුන්ගල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මිය ගිය පුද්ගලයා ඉකුත් 8 වැනි දින සවස් කාලයේ බීමතින් තවත් පුද්ගලයෙකු සිප ගැනීමට ගොස් තිබෙනවා.

එයට කෝප වූ පුද්ගලයා සිප ගැනීම සිදු කිරීමට ගිය පුද්ගලයාට අතින් පයින් පහර දී ඇත. 

එහිදී බිම ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත් වී ඇත.

මෙලෙස මිය ගිය ඔහු උඩ පිටිපන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක් වේ.

කෙසේ වෙතත්, ඊයේ (13) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විමට ඇති බව වාර්තා විය.

ReeCha