සරසවියෙන් ඇරඹුණු පෙම හෝටල් කාමරයේ මරණයෙන් කෙළවර වූ භයානක පුවත.
පෙම්වතාගේ පහරකෑමෙන් දින 08 ක් සිහිසුන්ව සිටි කෘෂි විද්‍යාව උපාධිධාරිණි පෙම්වතිය පසුගිය දිනක රාත්‍රියේ 11.55 ට පමණ වතුපිටිවල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ රජරට විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියක වූ කුරුණෑගල රිදියගම ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි නයෝමි ගුණතිලක නමැති තරුණියක් ය.
සිය පෙම්වතියට පහරදීම සිදුකළ ඇගේ පෙම්වතා වූ රත්නපුර ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයා නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුගිය 03 වැනිදා අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සිය පෙම්වතිය වෙනත් තරුණයකු සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගනිමින් ඇති වූ කථාබහක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුවී ඇති බව පොලිස් විමර්ශනවල දී හෙළි වී තිබූ බව වාර්තා වන්නේ.
මේ අතර පෙම්වතා සහ පෙම්වතිය රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා උපාධිධාරීන් වේ.
විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ ප්‍රේම සම්බන්ධතාවය ආරම්භ කර ඇති අතර පෙම් සම්බන්ධතාවයට මේ වන විට වසර 04 ක් වනවා.
මීට වසර 02 1/2 කට පමණ ඉහත දී මොවුන් දෙදෙනා විශ්වවිද්‍යාලයෙන් පිටව ගොස් ඇති අතර පෙම්වතිය නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි කුකුල් මස් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත ශාලාවක රැකියාව කර ඇති අතර පහරදුන් පෙම්වතා රත්නපුර ප්‍රදේශයේ මැණික් ගැරීමේ කටයුතුවල නිරත වන බවයි පොලීසිය සදහන් කළේ.
සිය පෙම්වතිය තවත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන ඇති බවට පවසමින් පෙම්වතා පසුගිය 02 දා පෙම්වතිය රැකියාව නිම වී එම ආයතනයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ඇය සමග බහින්බස් වීමක් සිදුව ඇති බවත් පසුව ආරවුල නිරාකරණය කර ගැනීම සඳහා දෙදෙනාම එම ප්‍රදේශයේම පිහිටි හෝටලයකට ගොස් ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
හෝටල් කාමරය තුළදී රාත්‍රි 08.00 ට පමණ දෙදෙනා අතර තිබූ ආරවුල පිළිබඳ කතාබහක් ඇති වී ඇති බවත් එහිදී අදාළ පහරදීම සිදුවී තිබූ බවත් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
සැකකාර පෙම්වතා විසින් තම පාදයේ දණහිසින් සිදුකළ පහරදීමෙන් අනතුරුව පෙම්වතිය බරපතළ තුවාල ලබා සිහිසුන්ව ඇති අතර පසුව පෙම්වතා විසින් ත්‍රිරෝද රථයක් ගෙන්වා සිහිසුන්ව සිටි සිය පෙම්වතිය වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
හෝටල් කාමරය තුළ පහරදීම සිදුකර අවස්ථාවේ පෙම්වතා මත්පැන් පානය කර සිට ඇති බව පොලිසිය පවසන අතර පහරදීම සිදුකළ හෝටල් කාමරයේ බිම ලේ පැල්ලම් කිහිපයක් දක්නට තිබී ඇත.
අත්තනගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් සම්පත් කස්තුරිආරච්චි මහතා විසින් පෙරේදා (11) පහරදීම සිදුකළ අත්තනගල්ල එල්ලක්කල ප්‍රදේශයේ පිහිටි හෝටලයේ ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව වතුපිටිවල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ තරුණියගේ මළ සිරුර පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරනු ලැබුවා.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාර දෙන ලෙසත් දේහය භූමදාන කරන ලෙසත් වැඩබලන මහෙස්ත්‍රාත් විසින් එහිදී නියෝග කෙරුණු අතර මෘත දේහය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිතව ඇත.
අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගේ නියෝග මත නිට්ටඹුව මූලස්ථාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් විසින් විමර්ශන සිදු කළේ ය.
- සිතුමි -
