බිත්තියේ හිස වැදී මිය ගිය පුංචි බිළිඳියගේ මරණය ගැන අණාවරණයක් - මවගේ ප්‍රකාශයත් සමග මරණ පරීක්ෂණයේ දී හෙළි වුණ අමුතුම දේ..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
පසුගිය 01 වන දා හිස බිත්තියක වැදීමෙන් මාස 08ක් වයසැති බිලිඳියක් ජිවිතක්ෂයට පත් විය.
මෙලෙස දිවි අහිමි වූ බිලිඳිය ඌරුබොක්ක කටුවනගෙදර මැකිලියගහහේන ප්‍රදේශයේ අයෙක් ය.
බිලිඳියේ මව කියා සිටියේ, ඇයගේ අතේ බිලිඳිය සිටිය දී නිවසේ සුනඛයා තමන් දෙසට කඩා පැන්න අවස්ථාවේ දී බිලිඳියගේ හිස යාබද බිත්තියේ වැදී මෙම අනතුරු සිදුවූ බවයි.
කෙසේ වෙතත්, බිලිඳියගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ මෙය හිස වැදී සිදු වූ මරණයක් නොව ඝාතනයක් බවයි.
ඒ අනුව දැරියගේ මව වන 21 හැවිරිදි කාන්තාව අද(03) ඌරුබොක්ක පොලිසිය විසින් අත්අංඩගුවට ගනු ලැබීය.
පසුව අදාළ සැකකාරිය මොරවක අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
එහිදී නියෝග කෙරුණේ ඇය ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධගාරාගත කරන ලෙසයි.
