14 දැරියක් අවාසනාවන්ත ලෙස මිය යයි..කිසිවෙක් නොසිතූ සිදුවීම මෙන්න.

By Aruna Dec 19, 2024 03:52 AM GMT
Report

නවගත්තේගම පොලිස් වසමේ තරණගහවැව ප්‍රදේශයේ දී ගැහැණු දරුවෙකුට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.

විදුලි සැර වැදුණු දරුවාව පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි, පොලීසිය පැවසුවේ.

මහ මුහුදේ යාත්‍රා ගැටුමක්..13ක් මියයයි..100ක් බේරා ගනී.

මහ මුහුදේ යාත්‍රා ගැටුමක්..13ක් මියයයි..100ක් බේරා ගනී.


එලෙස මියගොස් ඇත්තේ 14 හැවිරිදි ඉහළ කුරුකැටියාව, නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනාරක්ෂිත විදුලි රැහැනක් මඟින් බ්ලෙන්ඩරයකට විදුලිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට යෑමේ දී දැරියට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

You May Like This Video