මාරාන්තික නීපා වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් - මරණ ගණන ඉහළට - ගුවන් තොටුපළේ පරීක්ෂා කිරීම් දැඩි කරයි

By Kaushi Jan 29, 2026 06:38 AM GMT
Report

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ව්‍යාප්ත වෙමින් පවතින මාරාන්තික නීපා (Nipah) වෛරසය රට තුළට ඇතුළු වීම වැළැක්වීමට සිංගප්පූරුව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සිය ගුවන් තොටුපළවල ආරක්ෂක පියවර දැඩි කර ඇත.

ඒ අනුව සිංගප්පූරු බෝවන රෝග පාලන ඒකකය (CDA) නිවේදනය කර ඇත්තේ බටහිර බෙංගාලයේ සිට පැමිණෙන මගීන් පරීක්ෂා කිරීමට ජාත්‍යන්තර ගුවන් තොටුපළවල උණ පරීක්ෂා කිරීමේ උපකරණ (Temperature Scanners) ස්ථාපනය කරන බවයි.

එමෙන්ම ගුවන් තොටුපළ පරීක්ෂාවට අමතරව, දකුණු ආසියාවෙන් පැමිණෙන සංක්‍රමණික සේවකයින් පිළිබඳ නිරීක්ෂණය ද දැඩි කර ඇත.

එසේම මේ වන විට මගීන් 1,700කට අධික පිරිසක් පරීක්ෂාවට ලක් කර තිබෙන අතර, සැක කටයුතු රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් නිරෝධායනයට යොමු කිරීමටත් පියවර ගෙන ඇත.

ලෝකෙම බය වෙලා ඉන්න නීපා වෛරසය සම්බන්ධයෙන් ලංකාවටත් දැනුම් දීමක්

ලෝකෙම බය වෙලා ඉන්න නීපා වෛරසය සම්බන්ධයෙන් ලංකාවටත් දැනුම් දීමක්

මේ අතර ඉන්දීය දේශසීමා ආසන්නයේ සහ කත්මණ්ඩු ගුවන් තොටුපළේ පරීක්ෂා කිරීම් තීව්‍ර කර ඇති බව සඳහන්.

දේශසීමා සෞඛ්‍ය පාලනය දැඩි කර ඇති අතර, ඉන්දියාවේ සිට පැමිණෙන මගීන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, නිපා වෛරසය ආසාදනය වූවන්ගේ මරණ අනුපාතය සියයට 40 සිට සියයට 75 දක්වා ඉහළ අගයක් ගෙන ඇත.

මෙම වෛරසය ප්‍රධාන ලෙසම වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මිනිසුන්ට බෝ වන අතර, මිනිසාගෙන් මිනිසාටද ව්‍යාප්ත විය හැකි බව සඳහන්.

පාසල් දරුවන්ට භයානක රෝගයක් ගැන විශේෂ දැනුවත් කිරීමක්

පාසල් දරුවන්ට භයානක රෝගයක් ගැන විශේෂ දැනුවත් කිරීමක්

එමෙන්ම බටහිර බෙංගාලයේ දැනට වාර්තා වී ඇති තත්ත්වය රෝහල් ආශ්‍රිතව මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වූ අවස්ථා දෙකක් (human-to-human) බව සඳහන්.

ඊට අමතරව වවුලන් විසින් අපවිත්‍ර කරන ලද පලතුරු හෝ රටඉඳි යුෂ පානයෙන් වැළකී සිටින ලෙසත්, මෑතකදී ඉන්දියාවේ සංචාරය කළ අයෙකුට උණ හෝ ශ්වසන අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, බලධාරීන් දැනුම් දෙයි.

නිපා නිසා තායිලන්තයත් බියෙන්

නිපා නිසා තායිලන්තයත් බියෙන්