ඇෆ්ගනිස්තානයටත් දරුණු තත්ත්වයක් - 17ක් මැරිලා පවුල් 1,800කට බලපෑම්
By Kaushi
ඇෆ්ගනිස්තානයේ, කබ්කාන් දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාපතනයෙන් සිදු වූ ආපදාවලින් පුද්ගලයින් 17දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එසේම තවත් පුද්ගලයින් 11දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර නිවසක වහලයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් එකම පවුලේ පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් අනාවරණය වූ තොරතුරු අනුව ආපදා හේතුවෙන් පවුල් 1,800කට පමණ බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.