ආපදාවෙන් හානි හානි වූ දේපළට රක්ෂණ වන්දි ගන්න ඉල්ලුම්පත් දාහත් දහසකට වැඩිය ඇවිත්, ඒවායෙන් අයදුම්පත් ප්‍රතික්ෂේප වුණාද?

Report

මෙරට පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මතු වූ ආපදා තත්වය හේතුවෙන් හානියට පත් වූ රුපියල් කෝටි 4500ක් රක්ෂණ වන්දි මුදලක් ඉල්ලා තිබෙන බවත් ඉන් ඉල්ලුම්පත් 790ක් රක්ෂණ සමාගම් මගින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම සඳහන් කර තිබේ.

තවද එම කොමිසමේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා සදහන් කරන්නේ රක්ෂණ සමාගම් මගින් ප්‍රතික්ෂේප කර ඇති අදාළ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන අංශය මගින් එකින් එක පරීක්ෂා කරගෙන යන බවයි.

 ඒ වගේම ඇතැම් ප්‍රදේශවල රථවාහන රක්ෂණ වන්දි ගෙවීම්වල යම් ප්‍රමාදයක් සිදුව තිබෙන බව එතුමා සදහන් කර තිබේ .

තවද සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ මේ සදහා හේතුවක් බවට පත්ව ඇත්තේ රථවාහනවලට සිදුව ඇති හානියට අදාළ ඇස්තමේන්තු ලබාගැනීමේ ප්‍රමාදයන් බවයි. ''දිට්වා'' සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් විනාශ වූ නිවාස, කර්මාන්තශාලා, රථවාහන ආදියට අදාළව රක්ෂණ වන්දි ගෙවීම් සියයට හැත්තෑවක් (70%) පමණ සාර්ථකව සිදුව ඇත.

රටේම ආන්දෝලනයට තුඩදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුව පිළිබඳ CID විමර්ශන ඇරඹෙයි

රටේම ආන්දෝලනයට තුඩදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුව පිළිබඳ CID විමර්ශන ඇරඹෙයි

නමුත් මේ අතර රක්ෂණ ඔප්පු පිළිබඳ පවතින අඩුපාඩු සහ අදාළ වාරික නිසි පරිදි ගෙවා නොමැති සිද්ධීන් පිළිබඳවද කොමිසම වෙත පැමිණිලි ලැබී තිබේ.

තවද ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම සඳහන් කළේ මේ වන විට රක්ෂණ වන්දි ලබාගැනීම සඳහා ඉල්ලුම්පත් දාහත් දහසකට (17,000) අධික ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් ඒ අතර ගැටලු සහගත රක්ෂණ ගෙවීම් 790 පිළිබඳව එකින් එක ගෙන විමර්ශන සිදුකරන බවයි. 

ගංවතුරට කියලා යුධ හමුදා සෙබළුන්ගේ දවසක වැටුප කපලා විමල්ගෙන් ආණ්ඩුවට චෝදනා ගොඩක්

ගංවතුරට කියලා යුධ හමුදා සෙබළුන්ගේ දවසක වැටුප කපලා විමල්ගෙන් ආණ්ඩුවට චෝදනා ගොඩක්