ආණ්ඩුවත් පොදු දේපළ පනත උල්ලංඝනය කරලා දයාසිරි පටි රෝල් කරයි

Dayasiri Jayasekara National People's Power - NPP Sinhala news gagana news
By Mithu Sep 02, 2025 02:35 PM GMT
Mithu

Mithu

Report

ජනතා විමුක්ති පෙරමුණ පොදු දේපළ පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් විවිධ චෝදනා ගොනු කරන කාලසීමාවක ඔවුන් ද හැත්තෑව දශකයේදී සහ අසූව දශකයේදී පොදු දේපළ විනාශ කරමින් කටයුතු කළ බවත් ඒවාට නීතිමය පියවර ගත යුතු බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 1971 සහ 88 -89 කාලවලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් පොදු දේපළ රැසක් විනාශ කළ බවයි. විෂයෙන්ම ළංගම බස් රථ ,විදුලි ට්‍රාන්ස්ෆෝමර, විදුලි සංදේශ කුළුණු, බැංකු මංකොල්ල කෑම් ඇතුළු පොදු දේපළ රැසක් විනාශ වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වී ඇති බවත් ඊට අදාළ සාක්ෂි ද ඕනෑ තරම් තිබෙන බවත් මේ සියලුම කරුණු සලකා බලා ඉදිරි රජයකදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකරන ලද සියලුම පොදු දේපළ විනාශ කිරීම්වලට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවද ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළා.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

වර්තමානයේ දී පොදු දේපළ පනත භාවිතා කරමින් දේශපාලන පළිගැනීම් සිදුකරන කරන බවත් ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය කාලවල සිදු කරන ලද පොදු දේපළ සම්බන්ධයෙන් ඉදිරි රජයකදී අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කර අවශ්‍ය පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද දයාසිරි ජයසේකර ප්‍රකාශ කරනවා.

විශේෂයෙන්ම මේ අවස්ථාවේදී වසර ගණනාවකට පෙර පැවති ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් සිදු කරන බවත් එම නිසා ජනතා විමුක්ති පෙරමුණ ඒ කාලෙදි කරන ලද සියලුම පොදු දේපල විනාශයන් සම්බන්ධයෙන් වාර්තා සකස්කර අදාළ සාක්ෂි කැඳවා ඉදිරි රජයකදී අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළා.

රජයේ නිලධාරින් කොටසකට අවුරුදු 5කට නිවාඩු දාලා රට යන්න බෑ ඒ නිසා නිලධාරීන් කළකිරිලා

රජයේ නිලධාරින් කොටසකට අවුරුදු 5කට නිවාඩු දාලා රට යන්න බෑ ඒ නිසා නිලධාරීන් කළකිරිලා

ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරුන් විසින් ජනතා විමුක්ති පෙරමුණට සමාව ලබා දුන්නත් මේ වන විට ඔවුන් දේශපාලන පළිගැනීම් සිදු කරන නිසා ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂවල අවධානය යොමු වී ඇති බවත් ඒ අනුව ඉදිරි රජයක් යටතේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නීතිය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළා.

තෙල් සංස්ථාවේ ලක්ෂ 61කට විද්ද හිටපු ඇමති යාපාටයි බිරිඳටයි අධිචෝදනා

තෙල් සංස්ථාවේ ලක්ෂ 61කට විද්ද හිටපු ඇමති යාපාටයි බිරිඳටයි අධිචෝදනා

1982 වර්ෂයේදී ගෙනා පොදු දේපළ පනතට 1988 වර්ෂයේදී සංශෝධනයක් ඉදිරිපත් කල බවත් ඵදා පොදු දේපල පනත ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ සිදුකල පොදු දේපල විනාශයන්ට ඵරෙහිව බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.