මෛත්‍රී වහාම තීරණයක් ගනී..ශ්‍රීලනිප මහලේකම් ධූරයෙන් දයාසිරි ඉවත් කෙරේ..
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම් ධූරයෙන් ඉවත් කර තිබෙන බව වාර්තා වනවා.
ඒ එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් තීරණයකට අනුව බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක පත් කර ඇති බවයි පැවසෙන්නේ.