ආණ්ඩුව කෝටි ගාණක් විදෙස් කොම්පැනියකට දීලා - ආණ්ඩුවේ දූෂණ ක්‍රියා ගැන හෙළි කරන දයාසිරි

Report

මේ වන විට ආණ්ඩුවේ ක්‍රියා කලාපය විපක්ෂයේ බොහෝ දේශපාලඥයන්ගේ විවේචනයට හේතු වී තිබෙන කරුණක් බවට පත්වී ඇත.

ආණ්ඩුව නිරන්තරයෙන්ම සිදු කරන්නා වූ විවිධ දේශපාලනික ක්‍රියා සහ සංවර්ධන ක්‍රියාවලින් පිළිබඳව විපක්ෂය දේශපාලනඥයන් රැසක් විවිධ අදහස් ඉදිරිපත් කර තිබුණි.

මේ වන විටත් ආණ්ඩුව රාජ්‍ය දූෂණය පිටුදැකීමේ ශක්තිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් ඒ වැඩපිළිවලට විපක්ෂයෙන් කිසිදු සහයෝගයක් නොමැති බවත් ඔවුන් නිරන්තරයෙන්ම ආණ්ඩුවේ කකුලෙන් අදිනවා වගේ දෙයක් පෙනෙනවා ඒ ගැන කුමක්ද හිතෙන්නේ කියලා අහපු අවස්ථාවක දයාසිරි ජයසේකර අදහස් දක්වා තිබුණේ පහත ආකාරයටයි.

කියවන්න එපා තාජුඩින්ගේ පරීක්ෂණ අවසන් කරන්න - නාමල් රාජපක්ෂ

කියවන්න එපා තාජුඩින්ගේ පරීක්ෂණ අවසන් කරන්න - නාමල් රාජපක්ෂ

"කොහෙද දූෂ­ණය පිටු දැකලා තියෙන්නේ? කඩ­වත මීරි­ගම මාර්ගය හදන්න එක කිලෝ මිට­ර­ය­කට ශ්‍රී ලංකාවේ ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ පිරිස කිවුවා කෝටි 700කින් කිලෝ­මි­ට­ර­යක් හදන්න පුළු­වන් කියලා. ඒත් කෝටි 1,500කට අද විදෙස් කොම්පැ­නි­ය­කට දීලා. ඒක දූෂ­ණ­යක් නොවෙ­යිද? ඒ විත­රක් නොවෙයි; මේ ගේන ණය ප්‍රමා­ණය ප්‍රති­ශ­තය 3.5%යි. මේ ගොල්ලන් ඒ කාලයේ කෑගැ­හුවා අධික පොලි­යට ණය ගන්නවා කියලා.

මේ අය ඒ කාලයේ කෑග­හලා දැන් කරන දේ හරිද? මේ ප්‍රති­ශ­ත­යට ණයක් ගන්නවා කියන්නේ අති­වි­ශාල මුද­ලක් ගෙවන්න වෙන්නේ. ඒවට කවුද වග කියන්නේ? පශු සම්පත් සංව­ර්ධන මණ්ඩ­ලයේ ටෙන්ඩ­ර­යක් ගිහිල්ලා තියෙ­නවා. ඒ ටෙන්ඩර් එක පළ­මු­වැ­නියා, දෙවැ­නියා නොවෙයි; තුන්වැ­නි­යාට ඉන්න කෙනාට ලබා දෙනවා. මේ විදි­හට ගත් විට මේ වගේ හොර ටෙන්ඩර් ගණ­නා­වක් ඒ අයගේ අයට ලබා දීමේ ක්‍රියා­ව­ලියක් සිදු වෙමින් පව­ති­නවා. ඒ නිසා රාජ්‍ය අංශය දූෂ­ණය නතර කරලා තියෙන්නෙ කොහෙද? මේවට සම්බන්ධ මන්ත්‍රී­ව­රුන් ඉන්නවා. මේ ආණ්ඩුවේ, බොහොම පැහැ­දි­ලිව, බයක් නැතුව ගිහිල්ලා මේවට අත ගහලා කරන අය ඉන්නවා."

චන්ද්‍රිකා කුමාරතුංගත් නිල බංගලාවෙන් දැන්ම යන්න බෑ කියයි - හේතුව මෙන්න

චන්ද්‍රිකා කුමාරතුංගත් නිල බංගලාවෙන් දැන්ම යන්න බෑ කියයි - හේතුව මෙන්න