පේර ගසින් ලිස්සා වැටුණු දියණියක් කිසිවෙක් නොසිතූ දෙයකින් මිය යයි..
වවුනියාව පුලියන්කුලම් පලයවාඩි ප්‍රදේශයේ හය හැවිරිදි දැරියක් විදුලි සැර වැදීම නිසා ඊයේ (07) මියගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
මෙම දැරිය නිවස පසුපස තිබූ පේර ගසකට නැග සෙල්ලම් කරමින් සිටියදීයි ඇය එක්වරම ගසෙන් ලිස්සා බීමට වැටී මෙම සිදුවීම සිදුව තිබේ.
ඇය වැටී ඇත්තේ නිවසට ජලය සැපයීම සදහා සවිකොට තිබූ වතුර මෝටරය අසලට වන අතර, එහි තිබූ කැඩී ගිය වයරයකින් කාන්දු වූ විදුලිය දැරියට වැදීමෙන් ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෛද්‍යවරු සනාථ කර ඇත්තේ, වහාම දැරියට ප්‍රථමාධාර ලබා දී ඇයව වවුනියාව මහ රෝහල වෙත රැගෙන එන ලද නමුත්, ඇය රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
You May Like This Video