ගුවන් සංදර්ශනයෙහි සහ ආරක්ෂක ප්‍රදර්ශනයෙහි දින සංශෝධනය කෙරේ...

By Parami Dissanayake May 18, 2024 04:11 PM GMT
Report

 2024 මැයි මස 29 වන දින සිට 2024 ඡුනි මස 02 වන දින දක්වා කොළඹ වරාය නගරයේ සහ ගෝල් ෆේස් පිටියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් සංදර්ශනය සහ ආරක්ෂක ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත ව තිබුණි.

නමුත්, ඒ සදහා සහභාගී වීමට නියමිත විදේශිය ගුවන් හමුදාවන්, ඡාත්‍යන්තර ගගන තාක්ෂණික සහ ආරක්ෂක පාර්ශවකරුවන්ගේ ඉල්ලීම මත සහ ඔවුන්ගේ සහභාගීත්වයට පුළුල් අවස්ථාවක් ලබාදිමේ අරමුණින් එම සංදර්ශනය කල් දැමීමට සිදු ව ඇත.

ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකුට ඇෆ්ගනිස්ථානයේ දී වෙඩි ප්‍රහාරයක්...

ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකුට ඇෆ්ගනිස්ථානයේ දී වෙඩි ප්‍රහාරයක්...


ඒ අනුව , කොළඹ ගුවන් සංදර්ශන සහ ආරක්ෂක ප්‍රදර්ශනය ගුවන් හමුදා 74 ‌​වෙනි සංවත්සරයට සමගාමීව මෙය පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ , 2025 පෙබරවාරි මස 26 වන දින සිට 2025 මාර්තු මස 02 වන දින දක්වා ය.