බස් නැවතුමක ගැටුණු සූපවේදියෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම..

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Latest Headlines
By Sewvandhi Jul 14, 2024 11:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මොරන්තුඩුව පොලිසිය පවසන්නේ, අද (14) මොරන්තුඩුව – බණ්ඩාරගම මාර්ගයේ දැල්කඩ හන්දියේ දි ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙක් බස් නැවතුමක ගැටීමෙන් මියගොස් ඇති බවයි.

කොලොන්නාව සංගීත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි සහකාර සුපවේදියෙකු ලෙස රැකියාව කරන 19 හැවිරිදි තරුණයෙක් අනතුරින් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොටහේන ප්‍රදේශයේ පෞද්ගලික ආහාර නිෂ්පාදන ආයතනයක සේවය කරන මියගිය තරුණයා පානදුර ප්‍රදේශයේ උපන්දින සාදයකට සහකාර සුපවේදියෙකු වශයෙන් සේවය ලබාදී ප්‍රධාන සුපවේදියාගේ මොරත්තුඩුව – ගෝනදූව නිවස කරා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ReeCha